News

සහරන් සමඟ පුහුණුව ලැබූ NTJ හා JMI සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ජාතික තවුහිද් ජමාත් සහ ජමාතේ මිලාතේ ඉබ්‍රාහිම් සංවිධාන සමඟ සම්බන්ධව කටයුතු කළ පුද්ගලයින් දෙදෙනෙකු අම්පාර ප්‍රදේශයේදී පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත දෙදෙනාගෙන් එක් අයෙකු මහනුවර – පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අබු අනස් නැමති ඔහු නුවරඑළිය කඳවුරේ පුහුණුව ලබා ඇත.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු මාවනැල්ලේ පදිංචි හම්බන්තොට කඳවුරේ පුහුණුව ලැබූවෙකු වන අතර ඔහුව හඳුන්වා ඇත්තේ අබු රාවා යන නාමයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.