News

සුජීවට හා අජිත්.පී පෙරේරාට විනය පරීක්ෂණ

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පක්ෂ විනය කඩකිරීම සහ නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් ලබන මස 9 වනදාට හෝ ඊට පෙර ලිඛිතව කරුණු දක්වන ලෙස කැබිනට් නොවන අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරාට සහ සුජීව සේනසිංහට දැනුම් දී ඇත.

ඊට අදාළ මූලික සාකච්ඡාවක් සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට අද කැඳවා තිබුණත් ඔවුන් එහි නොපැමිණි නිසා ඒ පිළිබඳව විනය කමිටුවට වාර්තා කළ බව ලිපියක් මගින් සඳහන් කර ඇත.

ඒ අනුව ලැබී ඇති පැමිණිලි සහ අනෙකුත් කරුණු සළකා බැලීමෙන් අනතුරුව ඔවුන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කරුණු විමසිය යුතු බවට පක්ෂයේ විනය කමිටුව විසින් තීරණය කර ඒ බව තමාට දන්වා ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනාට දැනුම්දී ඇති බව වාර්තා වෙයි.