News

මඩකලපුව කල්ලියාන්කාඩු ප්‍රදේශයේ ආරක්ෂාව දැඩි කෙරේ – විසුරුවා හැරීමේදී සිව්දෙනෙකුට තුවාල

මඩකලපුව, කල්අඩි පාලම අසල පැවති විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ක්‍රියාකළ අවස්ථාවේ සිදුවූ ඇද වැටීම් හේතුවෙන් විරෝධතාකරුවන් හතර දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය පැවසුවේ තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙ‌නෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාලකරුවන් මේ වන විට මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබන බව රෝහලේ ආරංචි මාර්ග සදහන් කළේය.

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ශරීර කොටස් මඩකළපුව, කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට එරෙහිව අදාල විරෝධතාව පැවැත්විය.

මඩකලපුව, කල්අඩි පාලම අසලට ඊයේ පස්වරුවේ රැස්වූ ප්‍රෙද්ශවාසීන් පිරිසක් විරෝධතාවක නිරත විය.

ඒ පාස්කු ඉරුදින ප්‍රහාරයේදී මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුගේ හිස කොටස කල්ලියන්කාඩු සුසාන භුමියේ මිහිදන් කිරිමට එරෙහිවයි.

එම විරෝධතාව විසුරුවා හැරීමට ඊයේ (27) රාත්‍රී පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

මඩකලපුව සියෝන් දේවස්ථානයේ දී එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයේ සැකකරුගේ හිස මඩකලපුව කල්ලියන්කාඩු සුසාන භූමියේ පෙරේදා භූමදාන කෙරිණි.

ඒ, අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුවයි.

ප්‍රදේශවාසීන් පවසන්නේ තමන්ගේ ප්‍රදේශයේ සුසාන භූමියේ සැකකරුගේ හිස භූමදාන කිරීම අනුමත නොකරන බවයි.