News

හංවැල්ලේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අංගොඩ ලොක්කාගේ පාතාල සමාජිකයින් 03ක් අත්අඩංගුවට

හංවැල්ල, පහතගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙක් සහ ඔහුගේ රියදුරා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන අංගොඩ ලොක්කාගේ කණ්ඩායමට සම්බන්ධ පාතාල සමාජිකයින් තිදෙනෙකු මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 25 වෙනිදා රාත්‍රියේදී හංවැල්ල, පහතගම රෝමානු කතෝලික පාසල අසල පිහිටි මෙම ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි නාදුනන තුවක්කුකරුවන් ඔහුගේ බිරිඳ බියගන්වා ඇයගේ සැමියාට නිවසට එන්නැයි දන්වා අදාළ ව්‍යාපාරිකයාට සහ එම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ රියදුරුට වෙඩි තබා ඝාතනය කර ඇත.