News

නල්ලූර් තේර් පූජාවේ අවසන් මංගල්‍යයට අති විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙයි

යාපනය නල්ලූර් කන්දසාමි කෝවිලේ වාර්ෂිකව පැවැත්වෙන තේර් පූජා උත්සවයේ අවසන් මංගල්‍යය අද (29) දිනයේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම අවස්ථාවට අති විශාල හින්දු බැතිමතුන් පිරිසක් සහභාගි වූ බව ද අප වාර්තාකරු සදහන් කළේය.

හෙට (30) දිය කැපීමේ උත්සවයෙන් පසුව වාර්ෂික මංගල්‍යයේ කටයුතු නිමා කිරීමට නියමිතය.