කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්රදේශයෙන් ඉහළට
අධික වර්ෂාවත් සමග කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්රදේශයෙන් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
රත්නපුර සුළු ගංවතුර මට්ටම මුවගම ජල මාපකයට අනුව මීටර් 6 ක් බවත්, මේ වන විට එහි අගය මීටර් 5.3ක් ලෙස සටහන්ව ඇත.
මේ හේතුවෙන් රත්නපුර ප්රදේශයේ කළු ගඟ දෙපස ජනතාවට අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මේ අතර ගිං ගඟ ආශ්රිත ප්රදේශයට ද මේ වන විට අධික වැසි ලැබෙමින් ඇති අතර, ගිං ගඟේ ජල මට්ටම තවලම ප්රදේශයෙන් පිටර මට්ටමට ආසන්න වී තිබේ.
කැලණි ගඟේ පිටාර ජල මට්ටම කිතුල්ගල හා දැරණියගල ආශ්රිත ප්රදේශවල ආසන්න වී තිබේ.
