News

පොදුජන පෙරමුණ සන්ධානයක් වීමේ ලකුණු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එම පෙරමුණට සහය පළ කරන අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ශ්‍රී ලංකා පොදුජන සන්ධානය නමින් නව සන්ධානයක් ගොඩනැඟීමට එම පක්ෂ නියෝජිතයින් එකඟතාවය පළ කර ඇති බව වාර්තා වෙයි.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා ඒකාබද්ධ විපක්ෂය නියෝජන කරන මන්ත්‍රීවරු අතර ඊයේ(29) රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹී ඇති අතර එම සාකච්ඡා ඉතාමත් සාර්ථක බව මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ කැඩී යන කණ්ඩායම් දෙක තුනක් සාකච්ඡා කරමින් සිටින බවද පැවසු ඒ මහතා, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෝ කීප දෙනෙක් ඒ අතර වන බවත් වේලාව පැමිණි පසු ඒ ගැන හෙළි කරන බවත් සඳහන් කළේය.