අපරාධවලට සම්බන්ධ සැකකරුවන්ගේ මුහුණ හඳුනාගැනීමට නව තාක්ෂණයක්
අපරාධවලට සම්බන්ධ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය යොදා ගැනීමට සැලසුම් කරමින් ඇති බව පොලීසිය සඳහන් කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් අතර ඊයේ (29) පැවති හමුවකදී ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සමග එක්ව පොලිස් සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කෙරෙනු ඇති අතර සැකකරුවන්ගේ තොරතුරු එම පද්ධතියට ඇතුළත් කිරීමත් සමග ඕනෑම පොලිස් නිලධාරියෙකුට ඕනෑම ස්ථානයක සිට ස්මාර්ට් ජංගම දුරකතනයකින් අපරාධකරුවන් හඳුනාගත හැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් එහිදී පෙන්වා දී ඇත.
