කළු ගඟ දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙස දෙනුම් දෙයි
අධික වර්ෂාවත් සමග කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රත්නපුර සුළු ගංවතුර මට්ටම මුවගම ජල මාපකයට අනුව මීටර් 6 ක් බවත් මේ වනවිට එහි අගය සටහන් වන්නේ මීටර් 5.3 ක් ලෙස බවත් ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ මාලා අලවතුවල මහත්මිය සඳහන් කළ අතර රත්නපුර ප්‍රදේශයේ කළු ගඟ දෙපස ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙයි.
