තෙවන පාසල් වාරය අදින් ඇරඹේ
අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 12 ක් හැර රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල් තෙවන වාරය සඳහා අද විවෘත කර ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් තෙවන වාරය සඳහා විවෘත කෙරෙන්නේ ලබන 16 වැනිදා වන අතර උසස් පෙළ විභාගයේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් වන්නේ,කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ නාලන්දා විද්‍යාලය, කොළඹ හින්දු විද්‍යාලය, කළුතර ඥනෝදය මහා විද්‍යාලය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර විහාරමහා දේවි බාලිකා මහා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විහාරමහා දේවි බාලිකා විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාලයයි.
