රත්ගම ඝාතනයේ සැකකරුවෝ සැප්. 16 දක්වා යළි රිමාන්ඩ්
රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් දාහත් දෙනා ලබන 16 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (02)නියෝග කළේය.
රත්ගම බූස්ස රත්නඋදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ කොස්ම රසික් චින්තක නමැති දෙදෙනා ඉකුත් ජනවාරි 23වනදින පැහැරගෙන ගොස් ඝාතනය කොට පුළුස්සා දැමිම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කරඇත.
