සජිත් ජනපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට එජාපයේ මන්ත්‍රීවරුන්ගෙන් නව වැඩපිළිවෙලක්
පක්ෂ නායකත්වයෙන් මීට පෙර කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීමෙන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනපති අපේක්ෂකයා ලෙස නම් කර ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි..
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජනපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට අත්සන් සහිත ලිපියක් ඉදිරි දින කිහිපය තුළ පක්ෂ නායකවරයා වෙත භාරදීමට නියමිතව ඇත.
හදිසි සාකච්ඡාවක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ද තීරණය කර ඇති අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සහ නව සන්ධානය සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කරගැනිම සඳහා එම හමුව පැවැත්වීමට නියමිතව ඇත.
එළඹෙන 5 වනදා මෙම හමුව සිදුවන බව ආරංචිමාර්ග සඳහන් කරයි.
