සෞඛ්‍ය සේවක ගැටළු වලට විසදුම් නොදුන්නාට සුවසේවා සේවකයෝ වෘත්තිය සමිති අරගලයක
සෞඛ්‍ය කාර්‍ය මන්ඩලය දිර්ඝ කලක සිට මුහුණ දෙන ගැටළු රාෂියක් සම්බන්ධයෙන් දිගින් දිගටම රජයට කරුණු ඉදිරිපත් කරමින් සාකච්ඡා කරමින් එකඟතාවකට පැමිණිමට කටයුතු කලද ඒ සියල්ල සාකච්ඡා සටහනකට පමණක් සිමාවන වටපිටාවක් තුල එම ගැටළු සදහා ස්ථිර විසදුමක් ලබා ගැනිමට ලබන 10 වන දින වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ සභාපති සමන්ත කෝරළේආරච්චි මහතා පවසයි.
ඉල්ලීම් 9 ක් මුල් කර ගනිමින් රජයට ඉදිරිපත් කර ඇති යෝජනා වලට 2019 සැප්තැම්බර් මස 10 වෙනි දිනට පෙර විසදුම් ලබා දිමට රජය අපොහොසත් වුවහොත් ඒ සදහා විසදුම් ලබා ගැනිමට මෙම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගය දියත් කරන බවත් දිවයින පුරා මධ්‍යම ආන්ඩුව යටතේ පාලනය වන අත්‍යාවශ්‍ය සේවාවන් හා මානුෂිය හේතුන් මත මාතෘ ලමා රෝහල් වල සියලු පිලිකා රෝහල් වල හැර සියළුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන ,හා පලාත් සභා මුලික රෝහල් සියල්ලේ මෙම පැය 0800 සිට 1200 දක්වා ක්‍රියාත්මක කරන අතර ප්‍රධාන රෝහල් 30 ක විරෝධතා උද්ඝෝෂණ මාලාවක් ද ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසිය.
එච්.එස්.සමන් අක්මිමණ
