ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධව ජනපති කොමිෂම පරීක්ෂණ අරඹයි
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ බව කියන රුපියල් කෝටි හයහමාරක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණ ආරම්භ කර ඇත.
සංස්ථා තොරතුරු තාක්ෂණ අංශයේ ක්‍රමවේදයට පටහැනැව තෝරාගත් පිරවුම්හල් හිමියන්ගේ සංස්ථා ඉන්වොයිස් පත් අහෝසි කර, පිරිවැය මධ්‍යස්ථාන මාරු කරමින්, එස්. ඒ. පී. පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී මූල්‍ය වංචාවක් කර ඇති බවට එම පැමිණිලි ලැබී ඇත.
ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලයේ නඩත්තු සහ අලුත්වැඩියා අංශයේ සිදුවූ බව කියන අදාළ වංචාව සම්බන්ධයෙන් සහකාර අලෙවි කළමනාකරුවෙකුට එරෙහිව එම පැමිණිල්ල ගොනුකර ඇති අතර එම වංචාව සිදුකිරීම සඳහා දකුණ සහ ඌව පළාත් කාර්යාලවලට අනියුක්ත සේවකයෙකු, අනවසරයෙන් ප්‍රධාන කාර්යාලයට ගෙන්වා ඔහුගේ සහය ලබාගෙන ඇති බව ද පැමිණිල්ලේ සඳහන් වන බව වාර්තා වෙයි.
