News

ඇමති සජිත් වෙනුවෙන් අද කුරුණෑගලදී රැළියක්

නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුර අපේක්ෂකත්වයට නම් කරන ලෙස බල කරමින් ජන රැළියක් (05) කුරුණැගලදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේ අද පස්වරු 2.00ට මෙම රැළිය ආරම්භ වන බවයි.

මෙම රැළිය සදහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් රැසක් සහභාගි වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.