ප්‍රශ්න 15කට උත්තර දෙන්න පාර්ලිමේන්තුවේ ඇමතිලා නෑ
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇමතිවරුන්ට අද (05) යොමුකර තිබූ ප්‍රශ්න 15කට පිළිතුරු ලබාදීමට කිසිදු අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තුවට පැමිණ නොමැති බව වාර්තා වෙයි.
අද දිනය පාර්ලිමේන්තු ඉතිහාසයේ කළු දිනයක් වන බවත් මේ හේතුවෙන් මන්ත්‍රිවරුන්ගේ අයිතිවාසකම් උල්ලංඝනය වී තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පර්ලිමේන්තුවේ කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන්නැයි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන්ට දන්වා තිබෙන පසුබිමකදී මෙම ඇමතිවරුන් නොපැමිණ ඇති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.
එම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට පාර්ලිමේන්තුවට නොපැමිණි අමාත්‍යවරුන් පහතින්.
ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු,නැවත පදිංචිකිරිම් හා පුනරුත්ථාපන,උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු (රනිල් වික්‍රමසිංහ),විදුලි සංදේශ,විදේශ රැකියා සහ ක්‍රීඩා (හරීන් ප්‍රනාන්දු),අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන (වජිර අබේවර්ධන),ප්‍රාථමික කර්මාන්ත සමාජ සවිබල ගැන්වීම් (දයා ගමගේ),මුදල් (මංගල සමරවීර),නගර සැලසුම්,ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන (රවුෆ් හකීම්) ,ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා (අර්ජුන රණතුංග),රාජ්‍ය පරිපාලන,ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන (රංජිත් මද්දුමබණ්ඩාර),නිවාස හා ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු (සජිත් ප්‍රේමදාස) ,ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ (ගයන්ත කරුණාතිලක)
