News

ඇල්පිටිය දිනවන්න පක්ෂ නායකත්වය සජිත් ඉල්ලයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස වෙත භාරදීමට පක්ෂ නායකත්වය දැරූ උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මාලදිවයින් සංචාරයේදී පක්ෂ සභාපති කබීර් හෂීම්ට දැනුම් දී ඇත්තේ ප්‍රාදේශීය සභා මැතිවරණය නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ලබා දීමට තීරණය කර ඇති බවයි. එම පණිවුඩය පක්ෂයේ සභාපතිවරයා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට දැනුම් දී ඇත. තමන් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය මෙහෙයවීමේ වගකීම භාර ගන්නේ පක්ෂ නායකත්වය තමන් වෙත ලබා දෙන්නේ නම් පමණක් බව නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කර තිබේ. එම පණිවුඩය ලැබීමෙන් පසු පක්ෂ නායකත්වය තමන් දැරූ මතය ඉවත්කර ගෙන ඇති බව වාර්තා වෙයි.

මාලදිවයින් සංචාරය නිමවා දිවයිනට පැමිණීමෙන් පසු අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායකයන් සමග ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පිළිබඳ සාකච්ඡා කර ඇත.

උදයජීව ඒකනායක