ඇමති ගාමිණී හෙට ජනපති කොමිසමට
අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාට 2015 සිට 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන්හි සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හෙට පෙ.ව 9.30ට පෙනී සිටින ලෙස දැනුම්දී ඇත.
මහපොළ භාරකාර අරමුදලේ සිදුව ඇති බවට පැවසෙන වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සිදුකළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා අමාත්‍යවරයාට මෙම කොමිසමට හමුවට කැඳවා ඇත.
