පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්
පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩවර්ජනය තවදුරටත් සිදුකරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහ තා සඳහන් කළේය.
සේවා උසස්වීම් ලබා නොදීම, ගමන් වියදම් ලබා නොදීම, සේවා ආවරණ දීමනා ලබා නොදීම ඇතුළු ගැටලු ගණනාවක් මුල් කර ගනිමින් වර්ජනය ක්‍රියාත්මකයි.
