අපේක්ෂකයින් 18ක් ජනපතිවරණයට
ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 18 දෙනෙකු ඉදිරිපත් වන බවට දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ප්‍රධාන දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 17 දෙනෙකු හා හිටපු මන්ත්‍රීවරයෙකු ස්වාධීනව ඉදිරිපත් වන බවට දැනුම්දී ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සහ එහි කොමසාරිස්වරුන් අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව ඇත.ඒ
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.
