News

නවක වදය සිද්ධියට සම්බන්ධ රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා 23 දක්වා යළිරිමාන්ඩ්

නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති රුහුණු සරසවියේ සිසුන් 19 දෙනා නැවත මෙම මස 23 දක්වා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාගේ නියෝග මත යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

රුහුණ විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිසුවෙකුට අමානුෂික ලෙස නවක වධය දුන් බවට චෝදනා ලැබු රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් 19 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත අතර නවක වධයට ලක් වූ බව කියන සිසුවා තමාට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කර ඇත.

පසුව ඔහු මාධ්‍ය හමුවක් කැඳවා ඒ බව අනාවරණය කළ අතර පොලිසිය සැකකාර සිසුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.