News

JMI සංවිධානයේ සාමාජිකයින් 11දෙනෙකු TID භාරයට

තහනම් ත්‍රස්ත සංවිධානයක් වන ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් 11 දෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර දී ඇත.

රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු මත මෙම සැකකරුවන් අම්පාර පොලීසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් දින 90 ක රැඳවුම් නියෝග මත සිදුවන විමර්ශන සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ඊයේ (10) භාර දීමට පියවර ගත් බව පොලීසිය පොලීසිය සඳහන් කළේය.