ශ්රීලනිප දිස්ත්රික් සමුළුව හෙට රත්නපුරේ
ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ශ්රී ලංකා නිදහස් පක්ෂය දිවයින පුරා පැවැත්වීමට නියමිත දිස්ත්රික් සමුළු මාලාවේ පළමු සමුළුව හෙට (15 දා) රත්නපුර සීවලී ක්රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජනාධිපති මෛත්රිපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වෙයි. දෙවැනි සමුළුව මෙම 21 වැනිදා මාතලේ නගරයේදී පැවැත්වෙයි.
දිවයින පුරා දිස්ත්රික් සමුළු විසිපහක් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ශ්රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර වෙත පසුගියදා දැනුම් දෙන ලදී. ඒ අනුව ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් මෙම සමුළු පැවැත්වෙයි.
ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ශ්රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ කොමිෂන් සභාවටද දැනුම් දී ඇත.
උදයජීව ඒකනායක
