News

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

බද්දේගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති අරුණ අමරසිරි නාරන්ගොඩ මහතා අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය දොළොස්වන (12) දින රාත්‍රීයේ සභාපතිවරයාගේ නිවාස ඉදිරිපිට ඇති ඔහුගේ සොහොයුරෙකුගේ නිවසේ කොටහළු උත්සවසාදයක් පවත්වා ඇති අතර
එයට සහභාගී වූ පුද්ගලයෙකු සහ සභාපතිවරයා අතර බහින්බස් වීමකින් අනතුරුව ගැටුමක් හටගෙන ඇත.

එම අවස්ථාවේදී සභාපතිවරයාගේ විධානයකට අනුව ආධාරකරුවන් පිරිසක් කොටහළු සාදයට සහභාගී වූ පුද්ගලයාට පහරදී ඇත.

සභාපතිවරයා සහ පිරිස තම සොහොයුරාට පහරදෙන බව සැලවූ පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ සොහොයුරෙකු එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණ සභාපතිවරයා සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති අතර එම අවස්ථාවේදී ඔහුටද සභාපතිවරයා සහ පිරිසපහරදී තුවාල සිදු කර ඇත.

ඒ හේතුවෙන් සැකකාර සභාපතිවරයාගෙන් සිද්දිය සම්බන්ධයෙ ප්‍රකාශ ලබා ගෙන අත්අඩංගුවට ගෙන අද බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.