News

රජයේ වෛද්‍ය නිලධාරීන් අද වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.

මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝහල් ප්‍රතිකාර ඒකක හා ත්‍රිවිධ හමුදා රෝහල් හැර රජයේ සියලුම රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් සඳහන් කළේය.