ඔලුවිල් පාලමුනෙයි ඉඩමකින් ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ
ඔලුවිල් පාලමුනෙයි ඉඩමක වලදමා තිබූ ආයුධ, පුපුරන ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ තොගයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ටී.56 ගිනිඅවි 01යි, ටී.56 ගිනිඅවි වලට යොදන සජීවී පතරොම් 30යි, ටී.56 මැගසින් 01යි, ඩෙටනේටර් 07යි, ජෙලට්නයිට් කූරු 04යි, වයර්, ඇමෝනියා, යූරියා ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක් මෙහිදී සොයාගත් බවයි.
මෙම ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කළ සහරාන් නමැත්තාගේ කණ්ඩායම විසින් වළදැමූ ඒවා බවට මූලික විමර්ශන වලදී අනාවරණය වූ බව ද පොලීසිය වැඩිදුරටත් සදහන් කළේය.
