News

ඉදිරි වසර 05 තුළ නව රැකියා ආදායම් මාර්ග බිහි කිරීමට කටයුතු කරනවා

නව ආයෝජන රට තුළ ඇති කිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කර ඇති බව හා ඉදිරි වසර 05 ක කාලය තුළ නව රැකියා ආදායම් මාර්ග බිහි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී ප්‍රකාශ කරයි.

වත්මන් ආණ්ඩුව 2015 වසරේ භාර ගන්නා විට අභියෝග ගණනාවකට මුහුණපෑමට සිදුවූ බව පෙන්වා දුන්අතර ක්‍රමානුකූලව එම අභියෝග ජයගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගමන ඇරඹීමට හැකිවූ බවත් එය පදනම් කර ගනිමින් රැකියා අපේක්ෂිකත සියලූ දෙනාටම නව රැකියා ලබාදීමට පියවර ගන්නා බවත් ප්ප්‍රකාශ කළේය.