එජාපය නිල නොවන මට්ටමින් ජවිපෙන් ඉල්ලීමක් කරයි
එක්සත් ජාතික පක්ෂය නිල නොවන මට්ටමින් ජනතා විමුක්ති පෙරමුණෙන් පොදු සන්ධානයක් සඳහා එක්වන ලෙස ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
නමුත් ජනතා විමුක්ති පෙරමුණ එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
එයට අමතරව වත්මන් පාර්ලිමේන්තු කාලසීමාව තුළදීම විධායක ජනාධිපති ධූරය ආහෝසි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක්ද ජනතා විමුක්ති පෙරමුණ වෙත ඉදිරිපත්ව ඇති අතර එයටද එම පක්ෂය යහපත් ප‍්‍රතිචාරයක් දක්වා නොමැත.
