News

වත්තල රෙදිපිළි අලෙවි සැලක ගින්නක් – වත්තල නගරය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක්

වත්තල මහල් 3කින් යුත් රෙදිපිළි අලෙවි සැලක ඇති වූ ගින්න හේතුවෙන් මීගමුව,කොළඹ ප්‍රධාන මාර්ගයේ වත්තල නගරය ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇත.

මේ හේතුවෙන් කොළඹ දෙස සිට මීගමුව දෙසට ගමන් කරන මංතීරුව වසා දමා ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව කොළඹින් පිටවන වාහනවලට විකල්ප මාර්ගයක් ලෙස ඇවරිවත්ත මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි අතර ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 5ක් යොදවා ඇති බව පොලිසිය සඳහන් කළේය.