එජාපෙ පක්ෂ නායක රැස්වීමක් අද පස්වරුවේ
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙ අද (20) පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
එය අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ සියලු පක්ෂ නායකයින් සහභාගී වීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් එම සාකච්ඡාවෙඩි යොමු කෙරෙනු ඇති.
