පාස්කු ප්රහාරය ගැන ජනපතිගෙන් සාක්ෂි ලබා ගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපති ලේකම් කාර්යාලයට
පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ප්රකාශයක් ලබා ගැනීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභා සාමාජිකයින් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ ඇත.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ද මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ඇත බව අප වාර්තාකරු සදහන් කළේය.
