දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම අතරතුර පැරෂුට් සෙබලෙක් ජීවිතක්ෂයට
දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් අතරතුර කුච්චවේලි, කුඹුරුපිටිය ප්‍රදේශයේදී යුද හමුදා භටයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ දියකාව යුධ අභ්‍යාස මෙහෙයුම් පැරෂුට් සංදර්ශන පුහුණුවිම්වල නිරතව සිටියදී යුද හමුදා සෙබලෙකු ගමන් ගත් පැරෂුටය සුළඟට හසුවී ගසාගෙන ගොස් මුහුදට වැටී ඇති බවයි.
අනතුරුව එම සෙබලා ත්‍රි කුණාමලය රෝහලට ඇතුළත් කිරීමෙන්පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 04 වන කමාන්ඩෝ බලකා මුලස්ථානයට අනියුක්තව රාජකාරි කළ හමුදා සෙබලෙකු බව සඳහන්ය.
