News

නිශ්ශංක සේනාධිපති හා දිල්රුක්ෂි ඩයස් අතර දුරකථන සංවාදය පිළිබඳව විමර්ශන රාජ්‍ය සේවා කොමිසමට

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ දුරකථන සංවාදය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා අද රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත දැනුම් දී ඇත.

අදාළ දුරකථන සංවාදය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළ අතර
සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශකයෙක් පත් කිරීමට නියමිතව ඇත.