දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් 05ක් තුවාල
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව සහ බද්දේගම අතර ප්රදේශයේදී මෝටර් රථයක් පෙරලීයාමෙන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් අධික වේගයෙන් ධාවනය වීම නිසා අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළ අතර එම අනතුරෙන් තුවාල ලැබුවන් අතර කාන්තාවන් දෙදෙනෙකු සිටියි.
ඔවුන් ප්රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
