News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ඊයේ (25දා) රාත්‍රියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පොලිස් වසමේ දොඩංගො හා ගැලනිගම අතර 31.7ආර් ස්ථානයේ මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් ජීප් රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් සිවු දෙනෙකු බරපතල තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. එහිදී කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පොලිස් මුරපල වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.