News

ගෝඨාට සහාය දීමට හැකි වුවත් පොහොට්ටුවට සහාය දීමට නොහැක

පොදු ජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය හැකි වුවත් පොහොට්ටුවට සහාය දීමට නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ඇතුගල්පුර තීන්දුව හරි අතට යන තේමාව යටතේ කුරුණෑගල හෙට්ටිපොළ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොහොට්ටුවට ඡන්දය දීමට නොහැකි බවත් පොදු වේදිකාවකදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දිය හැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.