දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් උතුරු මැද, මධ්‍යම, බස්නාහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75-100 පමණ තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
