තුම්බිකුලම රක්ෂිතයේ මියගිය අලීන්ගේ ශරීර කොටස් ආයතන තුනකට
තුම්බිකුලම රක්ෂිතයේදී මිය ගිය වන අලින්ගේ ශරීර කොටස් ආයතන තුනකට යොමු කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පශු පරීක්ෂණ ආයතනයට මියගිය අලින්ගේ කොටස් ඊයේ (02) භාරදුන් බවයි.
එම කොටස් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව මෙලෙස භාරදී තිබේ.
