News

මොහු ගැන දන්නවනම් පොලීසියට කියන්න

කොල්ලුපිටිය ප්‍රදේශයේ මූල්‍ය ආයතනයක සේවකයෙකු ලෙස පෙනී සිටිමින් රුපියල් ලක්ෂ 40ක මුදලක් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසිය මහජන සහාය ඉල්ලයි.

මෙම පුද්ගලයා පසුගිය දිනෙක අදාළ මූල්‍ය ආයතනය මගින් ෆිනෑන්ස් මුදල් නොගෙවීම නිසා අත්පත් කර ගත් වාහන දෙකක් මිලට ගැනීමට පැමිණි පුද්ගලයෙකුගෙන් එම ආයතනයේ සේවය කරන බවට පෙනී සිටිමින් රුපියල් ලක්ෂ 40ක මුදලක් ලබාගෙන තිබේ.

මෙම වංචාව සම්බන්ධයෙන් පසුගිය සැප්තැම්බර් මස 17 වැනි දින කොළම වංචා විමර්ශන කාර්යාංශය වෙත පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට ආරම්භ කර ඇත.

එම මූල්‍ය ආයතනයේ සී.සී.ටී.වී. කැමරාවල පටිගතව තිබූ සැකකරු බවට හදුනාගත් පුද්ගලයෙකුගේ ඡායාරූප පොලීසිය විසින් නිකුත් කර තිබේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ස්ථානාධිපති කොළඹ වංචා විමර්ශන කාර්යාංශය – 0112 673 581 / 0112 675 651