News

ජ්‍යොතීර්වේදී සුමනදාස අබේගුණවර්ධනගේ නිවසේ පිපිරුමක්

ගාල්ල මාගාල්ල පිහිටි නිවසක මුළුතැන්ගේ තිබූ ගෑස් ටැංකියක් පුපුරා යාම නිසා නිවසේ කාමර දෙකකට අලාභ හානි සිදුවී ඇත. සුප්‍රකට ජ්‍යොතීර්වේදියකු වූ සුමනදාස අබේගුණවර්ධනගේ නිවසේදී මෙම සිද්ධිය වී ඇත.

මෙම අනතුරින් නිවස තුළ විශාල පිපිරීමක් සිදුව ඇති අතර එම ශබ්දයත් සමගම ප්‍රදේශයම කළු දුමකින් වැසී යාම නිසා අවට වැසියන්ද දැඩි කම්පනයට පත්ව සිටිති.

කෙසේ වෙතත් මෙම ගින්න මැඬපැවැත්වීමට ගාල්ල වරාය පොලිස්ථානයේ නිලධාරීන් හා ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සමත්වී ඇත.

සමන් -අක්මීමන