News

ජනාධිපතිවරණය නිරීක්ෂණයට නිරීක්ෂකයින් 7500යි – කැෆේ සංවිධානය

නොවැම්බර් 16 දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා කැෆේ සංවිධානය 7500ක නිරීක්ෂකයින් පිරිසක් යෙදවීමට අපේක්ෂා කරන බව කැෆේ සංවිධානය සඳහන් කරයි.

වාර්තාගත වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් මෙවර ජනාධිපතිවරණයට‌ ඉදිරිපත් වන බැවින් ඇතිවිය හැකි තත්වයන් නිරීක්ෂණය කිරීමට මෙම පිරිස යොදවන බවඑම සංවිධානය සඳහන් කරයි.

සෑම මැතිවරණයකම නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති රීති උල්ලංඝනය කිරීම් වාර්තා වී ඇති බවත් එම හේතුවෙන් මෙවර මැතිවරණයේදී තම ආධාරකරුවන් නිසි පරිදි මෙහෙයවා ගැනීමට අපේක්ෂකයින් ඇතුළු පක්ෂ නායකයින් කටයුතු කළ යුතු බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දෙයි.