මිලියන 25කට අධික අයිස් මත්ද්‍රව්‍ය සමඟ මවක් හා දියණියක් මාට්ටු
රුපියල් මිලියන 25කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙක හමාරක් සමඟි මවක් සහ දියණියක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඔවුන් දෙදෙනා ඊයේ (07) මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් මව 68 හැවිරිදි වියේද දියණිය 36 හැවිරිදි වියේද පසුවෙයි.
එම කාන්තාව හා දියණිය මට්ටක්කුලිය සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බව වාර්තා වෙයි.
