ඇල්පිටිය ප්‍රා.ස මැතිවරණ සියලුම ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
ලබන 11 වන දා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව සියලුම කටයුතු මේ වන විට සුදානම් බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා සඳහන් කළේය.
ඇල්පිටිය සහ පිටිගල පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම මධ්‍යස්ථාන 47 කදී පැවැත්වෙන අතර ඒ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකව ඇත.
ලබන 11 වන දා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට සුදුසුකම් ලබා සිටි සංඛ්‍යාව 1192 කි.
