News

පත්‍රිකාව දිග නිසා පිටරටින් ඡන්ද පෙට්ටි

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ප්ලාස්ටික් ඡන්ද පෙට්ටි දාහක් (1000) පමණ පිටරටින් ආනයනය කිරීමට නියමිත බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

ඡන්ද පෙට්ටි කුමන රටකින් ආනයනය කරන්නේද යන්න මෙතෙක් තීරණය කර නොමැති බවද එම නිලධාරියා කීවේය. ටෙන්ඩර් පටිපාටියට අනුව ඡන්ද පෙට්ටි ලබා ගැනීමට නියමිතය.

මෙවර ජනාධිපතිවරණය සඳහා මුද්‍රණය කරන ඡන්ද පත්‍රිකාවේ දිග ප්‍රමාණය වැඩිවීම නිසා වැඩි වශයෙන් ඡන්ද පෙට්ටි යොදාගැනීමට සිදුවී ඇත.

මීට ඉහත පැවැති මැතිවරණවලදී ඡන්ද පෙට්ටියකට යොදන ලද ඡන්ද පත්‍රිකා ප්‍රමාණය හත්සියයක් පමණ වේ.