පුජිත් හා හේමසිරි යළි අත්අඩංගුවට ගැනීමට මහාධිකරණයෙන් නියෝග
අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප නියම කිරීම නීතියට පටහැනි බව කොළඹ මහාධිකරණය මීට සුළු මොහොතකට පෙර තීරණය කර ඇත.
මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප නියෝගය නිශ්ප්‍රභ කරන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා නියෝග කළ අතර පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
