සජිත්ගේ ප්‍රධාන මෙහෙයුම සිරිකොතෙන්
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය සිරිකොත පක්ෂ මූලස්ථානයේ ස්ථාපිත කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ කටයුතු යොදා ඇත.
අගමැතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ මැතිවරණ මෙහෙයුම සිදුකිරීමට තීරණය කර ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය මෙහෙයුම් කටයුතු සහ මැතිවරණ මෙහෙයුම් කටයුතු විධිමත්ව සිදුනොවන බවට පැමිණිලි ලැබීම හේතුවෙනි.
අගමැතිවරයාගෙන් මෙම තීරණයට ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ අනුමැතියද ලැබී ඇති බව වාර්තා වෙයි. මෙතෙක් කල් වොක්ෂෝල් වීදියේ පිහිටුවා තිබූ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයෙන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ පෞද්ගලික මැතිවරණ ප්රචාරක ව්‍යාපාරය පමණක් දියත් කිරීමට නියමිතය.
සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කටයුතු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයකු වන තිස්ස අත්තනායකට ඊයේ (9 වැනිදා) පැවරූ බවට මාධ්‍ය මගින් කළ ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ මාධ්‍ය මෙහෙයුම් කටයුතු කොළඹ ග්රීන්පාක්හී වෙනත් ස්ථානයක සිට සිදුකිරීමට අගමැතිවරයා පියවර ගෙන තිබේ. මාධ්‍ය මෙහෙයුම් කටයුතුවල ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් රංග කලංසූරිය පත් කර තිබේ.
උදයජීව ඒකනායක
