නිදහස් පක්ෂය හා පොහොට්ටුව අවබෝධතා ගිවිසුමට අත්සන් තබයි
ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීය.
ඒ මීට සුළු මොහොතකට පෙර කොළඹ පදනම් ආයතනයේදී දෙපාර්ශවයේ නියෝජිතයින් අදාළ ගිවිසුමට අත්සන් කල අතර එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්රී ලංකා නිදහස් පක්ෂය සහය දක්වන බව ඊයේ නිල වශයෙන් ප්රකාශ කළේය.
අද දින අත්සන් කළ අවබෝධතා ගිවිසුම පදනම් කරගනිමින් ඉදිරියේදී තවත් එකඟතා කිහිපයකට එළඹීමට නියමිත බව වාර්තා වෙයි.
ඡායාරූප - ඒෂාන් දසනායක
