ඉන්ධන මිල කමිටුව අද පස්වරු 6ට රැස්වෙයි
ඉන්ධන මිල කමිටුව අද පස්වරු 6.00ට රැස්වීමට නියමිතව ඇත.
මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල ගණන් පහළ යාමත් සමග, මෙවර ඉන්ධන මිලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
පසුගිය 10 වනදා රැස්වූ ඉන්ධන මිල කමිටුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කෙරුණු අතර සුපිරී ඩීසල් ලීටරයක මිල පසුගිය මාසයේ රුපියල් 02 කින් පහත දැමීය.
