News

දැනට මැතිවරණ පැමිණිලි 156ක්

ජනාධිපතිවරණයට අදාළව මේ වන විට ජාතික මැතිවරණ කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි එකසිය පනස් හයක් (156) ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ප්‍රචණ්ඩ ක්‍රියා සහ තර්ජනය කිරීම සම්බන්ධ පැමිණිලි දෙකක්ද (02) නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි අනූ පහක්ද (95) ක් ලැබී ඇත.

දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානවලට ප්‍රචණ්ඩ ක්‍රියා සහ තර්ජන කිරීම් සම්බන්ධ පැමිණිලි එකක්ද (01), නීති උල්ලංඝනය කිරීම් පනස් අටක් ද (58) වාර්තා වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.