ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඇරඹෙයි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම අද පෙරවරු 7.00ට ආරම්භ වී ඇත.
මධ්‍යස්ථාන 47කදී ඡන්ද විමසීම පැවැත්වෙන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළේය.
එහි ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති පිරිස 53384ක් වන අතර ඇල්පිටිය ප්‍රදේශීය සභා මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 5කින් අපේක්ෂකයින් ඉදිරිපත්ව සිටින බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා සඳහන් කළේය.
